පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    දුෂ්කර ප්‍රදේශයන්හී පාසල් දරුවන්ට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙලකට යුනිසෙෆ් එක්වෙයි

    ජනවාරි 25, 2022

    ළමා සෞඛ්‍යය ආරක්ෂාව වෙනුවෙන් ගුණාත්මකභාවයෙන් ඉහල පිරිසිදු පානීය ජලය නිරන්තරයෙන් අපගේ දරුවන්ට ලබා දීමේ වැදගත්කම සහ ඒ සඳහා අවශ්‍ය වන නව දැනුම හා සහයෝගය ලබා ගැනීමට මැදිහත් වන මෙන් යුනිසෙෆ් සංවිධානයෙන් තමන් ඉල්ලා සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.

    යුනිසෙෆ් සංවිධානයේ නව ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් කෘග් මහතා (ජන24) දින ජල සම්පාදන අමාත්‍යාංශයේ දී අමාත්‍යතුමා හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කරන ලදී.


    මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමු වූයේ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධවයි දැනට වාර්තා වී ඇති ආකාරයට ලෝකයේ බොහෝ රටවල දරුවන් පිරිසිදු පානීය ජලය නොලැබීම නිසා විවිධ වූ රෝගාබාධයන්ට නිරන්තරයෙන් ගොදුරු වන බව නවතම සංඛ්‍යා ලේඛන මගින් තහවුරු කරගෙන ඇත. ශ්‍රී ලංකාවේත් බොහෝමයක් අති දුෂ්කර ප්‍රදේශයන්හි මෙම තත්ත්වය තවමත් පවතින බව පෙන්වා දුන් අමාත්‍යතුමා මෙම සඳහාවන කඩිනමින් විසඳුම් වශයෙන් ජල සම්පාදන මණ්ඩලය සහ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන්නේය.

    විශේෂයෙන් ප්‍රති ආස්‍රැත ජල පෙරණයක් මෙවැනි රෝගාබාධ බහුලව පවතින ප්‍රදේශවල මේවන විටත් සවිකර ඇති අතර තවත් ප්‍රදේශ ගනනාවකට ඉදිරි මාස කිහිපය තුළ මෙම ජල පිරිපහදු වැඩපිළිවෙළ යටතේ ප්‍රති ආස්‍රැත ජල පෙරණ සවි කරන බවද කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් කෘග් මහතා කියා සිටියේ ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ දිවයින පුරා සමීක්ෂණයක් සිදු කොට භූගත ජලයේ ස්භාවය සම්බන්ධයෙන් දත්ත ගබඩාවන් සකස් කර විශේෂයෙන් පාසල් ආශ්‍රිත පානීය ජලයේ ගුණාත්මකභාවය වැඩි කර දීම සඳහා හැකි සෑම සහයෝගයක්ම අප යුනිසෙෆ් සංවිධානය මගින් ලබා දෙන බවයි. ජල සම්පාදන අමාත්‍යතුමාගේ උපදේශක සඳක ගුණසේකර සහ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික මහතා මෙම අවස්ථාවට එකතුවිය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya