රජයේ ප්‍රවෘත්ති දෙපාර්තිමේන්තුවේ අද(25) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් දිනකට ටොන් 2500ක් පමණ කඩදාසි ටොන් කපා ඉවත කරනු ලැබේ. මෙම කඩාදසී විකිණීමේදී සිදු වූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, වෘත්තීය සමිතින්ට විවිධ චෝදනා එල්ලකරන සමයක රජයේ ම්‍රද්‍රණාලයේ වෘත්තීය සමිතිය මේ සඳහා මැදිහත් වෙමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් තම ස්තුතිය පුදකරන බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණනයක් සිදු වී ඇති බවත් ,දෙමටගොඩ පොලීසිය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය වෙන වෙනම පරීක්ෂණ සිදු කරන බවත් වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය