ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහෙත් වෘත්තිය සමිති නායකයින්, ජනතා විමුක්ති පෙරමුණෙ සාමාජිකයින් හට වුවමනා වී තිබෙන්නේ විදුලිය ලබා දීමට නොව විදුලිය කෙසේහරි කප්පාදු කිරීමට බව මෙහි දී අවධාරණය කර සිටි අමාත්‍යවරයා ඇතැම් පිරිසකට අවශ්‍ය වී තිබෙන්නේ මේ බලාගාරවල ගිවිසුම් අත්සන් කර වැඩි මිලකට මේ විදුලිය ගැනීමට බව ද, නමුත් රජයක් වශයෙන් කටයුතු කරන්නේ වියදම අඩුවෙන් මෙකී කටයුත්ත කිරීමට බව ද හෙතෙම ප්‍රකාශ කළේය. එහිදි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියේය;
“ අද සමාජයේ විදුලිය පිළිබඳව විශාල කතාබහකට ලක්වෙලා තිබෙනවා. සමහර පිරිස් ප්‍රකාශ කරනවා වැදිලිය විසන්ධි කරනවා කියලා. රජයත් අපිත් උත්සහ කරන්නේ විදුලි විසන්ධි කිරීමකින් තොරව යන්නයි. ඒකට අවශ්‍ය කටයුතු තමයි සම්පාදනය කරන්නේ.
අපේ විදුලිබලය ලබා ගන්නා ප්‍රධානම අවස්ථා දෙක තමයි ජල විදුලිබලය සහ ගල් අඟුරු බලාගාරය. මේ අර්බුදයට මුහුණ දෙන්න සිදු වුණේ මේ දවස්වල ගල් අඟුරු බලාගාරය 300 ධාරිතාවයකින් තිබෙන එක යන්ත්‍රයක් ක්‍රියාවිරහිතවෙලා එය නඩත්තු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ යන්ත්‍රාගාරය මේ 25, 26 වන විට නැවත ජනනය කරන්න පුළුවන් තත්වයකට පත් කරන්නට. ඒ කාලය තුළදි අපිට ඒ අඩුව පිරිමහා ගත්තේ කැළණිතිස්ස බලාගාරයෙන්, සපුගස්කන්ද බලාගාරයෙන් හා ලක්දනව් බලාගාරයෙන්. නමුත් පහුගිය දවස්වල මේවට අවශ්‍ය ඉන්ධන හිඟයක් මතු වුණා. නමුත් ඒ ඉන්ධන හිඟය අපිට මෙක්ට්‍රින්ටොන් 10,000 ක් තෙල් සංස්ථාවෙන් ලබා දුන්නා. දැවිතෙල් ලබා දුන්නා. දැන් අපි එය පවත්වාගෙන යන අතර ඒ ලැබිච්ච ප්‍රමාණය අවසන්වී ගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා රජයත් සමඟ කතා කරලා ඒ අඩු දැවි තෙල් ටික ලබා ගන්න.
ඒ එක්කම විදුලි කප්පාදුවක් කරන වේලාවක් නැතිව විදුලිය විසන්ධි කරයි කියලා හිතනවා සමහර පිරිස්. නමුත් අපි විදුලිය විසන්ධි කිරීමක් හදිසියේ සිදු වුණොත් විදුලිය කපන වේලාව දැනුවත් කරලා තමයි සිදු කරන්නේ. පහුගිය සතියේම අපිට පුළුවන්කමක් ලැබුණා විදුලි කප්පාදුවකින් තොරව යන්න. අපිට ගල් අඟුරු බලාගාරයෙන් විදුලිය පැමිණියාට පසු අපිට මේ මාසයේ කිසිම කරදයක් නැතිව විදුලි කැපීමකින් තොරව යන්න පුළුවන් වෙනවා. ඒකට අවශ්‍ය කටයුතු තමයි අපි මේ සම්පාදනය කරන්නේ.” යනුවෙන් මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.