අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(25) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
හානියට පත් වගාවන් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා රුපියල් බිලියන 40ක මුදලක් රජය වෙන් කර තිබේ. ගොවියාගේ නිෂ්පාදන පාඩුව සළකා බලමින් සෑම ගොවියකුටම මෙම වන්දිය ලබා දෙන බවත් කිසිම ගොවියකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ගොවීන් තම වගාවන් සඳහා කිනම් පොහොර භාවිතා කළද ඒ පිළිබඳව නොසළකා අදාළ සහනාධාරය ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය
ගොවීන්ට තම වගාවන් සඳහා වන්දි ලබා ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් නොමැති බවත් කිසිදු ප්‍රාෙද්ශීය දේශපාලන මැදිහත් වීමක් නොමැති බවත් කී අමාත්‍යවරයා, ගොවියාගේ නිෂ්පාදන පාඩුව පමණක් සළකා බලමින් මෙම වන්දි ලබා දීම සිදු වේ.මෙවර ගොවි ජනතාව 10,5,0000 ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති බවත් එම සියළුම ගොවීන්ට මෙම වන්දිය ලබා දෙන බවද කීය. මෙම වන්දි ලබා දීමේදී වී ගොවීන් ප්‍රමුඛස්ථානය ලබා දෙයි.