මෙලෙස රුපියල් 75 කට වී මිලදීගැනීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් කිසිසේත් කලබල නොවිය යුතු බවත් සහල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයාමේ බව පැවසුවේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
රජය පිටරටින් සහල් ආනයනයට තීන්දු කර ඇති බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වී මෝල් මාෆියාව විසින් පසුගිය කාලයේ ඉතා අසාධාරණ ලෙස වී මිල රුපියල් 150ට 200ට නැංවූ බැවින් වී මිල පාලනය කිරීමට නම් එක් පැත්තකින් රජය සතුව වී සංචිතයක් තිබිය යුතු බවද, තවත් පැත්තකින් රටින් සහල් ගෙන්වා යම් ප්‍රමාණයක් තිබිය යුතු බවද පැවසුවේය.
කුමන දෙයක් කළ ද ගොවියාට වී විකිණීමේ දී අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවද, එම නිසාම වී අලෙවි මණ්ඩලය මගින් තරඟකාරී ලෙස වී මිලදීගැනීම සඳහා අනුමැතිය ලබාගත් බවද ඔහු කියා සිටියේය.
පිටරටින් සහල් ආනයනය කළද, වී මිල අඩු වුවද, මෙම සුවිශේෂී තීන්දුව අනූව වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් වී ගොවියාගේ වී මිලදී ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.