අද (25)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
යම් යම් පුද්ගලයන් විසින් සිදු කළ මිත්‍යා මත සහ වැරදි ප්‍රචාර හේතුවෙන් ඇතැම් පුද්ගලයන් තුන්වෙනි එන්නත ලබා ගැනීමේ මැළිකමක් දක්වන බවද අමාත්‍යවරයා පැවසීය.සමාජ , පාරිසරික සහ ආර්ථික ගැටළුවකට නැවතත් රට විවෘත නොකර තම වගකීම ඉටු කරන්නැයි ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මෙරට ජනගහණයෙන් 98% කට කොවිඩ් මර්දන පළමු එන්නතත්, ඊට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් මර්දන දෙවන එන්නතත් ලබා දීමට හැකි වූ බවද කීය. මුල්වතාවේ කොවිඩ් මර්දන එන්නත ලබා දෙන විට චීන එන්නත් බාල එන්නත් යැයි කියමින් ෆයිසර් එන්නත ලබා දෙන්නැයි ඇතැම් පිරිස් ඉල්ලීම් කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
මේ වන විටත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මෙරට ජනගහණයෙන් 33%ක් පමණක් බවත් නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට හැකිඉක්මනින් තුන්වෙනි මාත්‍රාව ලබා ගන්නා ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. මේ වන විට මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද කොවිඩ් ආසාදනය වී ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.