ඔහු මේ බව පැවසුවේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
වතුකරයේ වැඩකරන ජනයාට ලෙඩක් දුකක් සෑදුණු විට කිලෝමීටර් 40ක් 50ක් පමණ විශාල දුරක් ගෙවා දිනක් නිවාඩු දමා වතුකරයේ සිට ඉතා ඈතින් පිහිටන රෝහල වෙත ප්‍රතිකාර සදහා ඉතා දුෂ්කර ගමනක් යා යුතු බවද, වතුකරයේ දරුවන් ලෙඩ වූ විටද මෙලෙස අසීරුතාවයට පත්වන බව සිහිපත් කළ අමාත්‍යවරයා , මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටි කාලයේ මෙම ගැටලුව අවබෝධ කරගනිමින් වතුකරයේ රෝහල් රජයට පවරා ගනිමින් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ඇරඹූ බව කියා සිටියේය.
යහපාලන රජය විසින් මෙම වතුකරයේ රෝහල් රජයට පවරාගැනීම අත්හිටවූ බවද, නැවත මෙලෙස එම රෝහල් රජයට පවරාගැනීමට අනුමැතිය හිමිවීම වතුකරයේ ජනතාවට ලබාදුන් සුවිශේෂී අවස්ථාවක් බවද, පසුගිය කාලයේ මුදල් ඇමති විසින් වතුකරයේ දමිළ ජනතාවට පිටි සඳහා සහනාධාරයක් ලබාදුන් බවද සිහිපත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙය වතුකර ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් ගත් සුවිශේෂී තීන්දුවක් බවයි.