ඔහු මේ බව පැවසුවේ, අද (25) මාධ්‍යයට අදහස් දක්වමිනි.
සාමාන්‍යයෙන් ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන්නේ පළමු මාත්‍රාව ලබාගෙන සති 04කින් බවද, නමුත් ලංකාවේ එන්නත්කරණය පිළිබද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත වයස අවුරුදු 16ත් 19ත් අතර කණ්ඩායමට පළමු මාත්‍රාව ලබාගෙන මාස 03කින් දෙවන මාත්‍රාව ලබාදෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ඉහත කණ්ඩායමේ පළමු මාත්‍රාව ලබාගත් අයගේ දෙවන මාත්‍රාව ලබාගැනීමේ කාලය අද සිට සම්පූර්ණ වන බැවින් අද සිට ඉදිරියට එම එන්නත්කරණ කටයුතු ඇරඹෙන බවද වයස අවුරුදු 20ට වැඩි අයට දෙවන මාත්‍රාව කුමන වර්ගයකින් ලබාගත්තද, මාස 03ක් සම්පූර්ණ වනවා නම් ඔවුන්ට බූස්ටර් එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බවද, ඒ සදහා ප්‍රමාණවත් තරම් ෆයිසර් එන්නත් ලංකාවට ගෙන්වා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
ලොව පුරාම ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන නව කොවිඩ් 19 රැල්ලක් ඇතිවෙමින් පවතින බැවින් අප්‍රමාදව බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බවද, ඉදිරි සති දෙක තුනෙහි ශ්‍රී ලංකාවට ද මෙහි බලපෑම දැනෙන්නට සෑහෙන ඉඩකඩක් පවතින බවද ඔහු පැවසුවේය.
ඇතැම් අයගේ දෙවන එන්නත ගෙන මාස 06ක් 07ක් සම්පූර්ණවී ඇති බැවින් පළමු සහ දෙවන මාත්‍රා වලින් ලැබුණු බලය සහ ආරක්ෂාව මේ වන විට සෑහෙන දුරකට හීන වී ඇති බැවින් ඔවුන් අනිවාර්යයෙන්ම බූස්ටර් එන්නත එනම් තුන්වන මාත්‍රාව ලබාගැනීම සිදුකළ යුතු බවද ඔහු කියා සිටියේය.