රටට සහ සමස්ත ලක් වැසි ජනතාවට ආගමික ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, වසංගතයෙන් රට ගලවා ගැනීමත් අරමුණ කරගනිමින් මහානාහිමි,අනුනායක හිමිවරු ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට වැඩම කරන භික්ෂූන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයෙන් මෙම පිරිත් දේශනය පැවැත් වේ.
කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම පිරිත් දේශනය පැවැත් වේ. සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පසුදින උදෑසන දානමය පිංකම පැවැත්වීමටද නියමිතය
මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ආබාධ සහිත රණවිරුවන් ද මේ අවස්ථාවට සහභාගි වන අතර, ඔවුන් සහ ත්‍රිවිධ හමුදාවට ආශීර්වාද කිරීම ද මේ පින්කමේදී සිදු කෙරේ.
ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද ‘ජය පිරිත’ පළමුවරට පවත්වා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවය.
පසුදින සර්වරාත්‍රික පිරිත් සජ්ජායනා සහ දානමය පින්කම්වලින් අනතුරුව සමාප්තියට පත්වන මේ උතුම් පුණ්‍යකර්මය සංවිධානය කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරයි.