ඔහු මේ බව කියා සිටියේ අද (26) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.
වසුගිය වකවානුවේ රට වසා තැබීම හේතුවෙන් රට යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණපෑ බව සිහිපත් කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දෛනික රෝගීන්ගේ වැඩිවීම තවමත් 800 – 900 ඉක්මවා නොමැති බවද සදහන් කළේය.
රට වසාදැමීමේ තත්ත්වයකට පත්නොවීම සදහා ජනතාව විසින් සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් රෝගය වැළදීමෙන් වැළකී සිටීමත්, එන්නත ලබාගැනීමත් වැදගත් වන බව ඔහු අවධාරණය කළේය.
ඇතැම් දුර්මත සහ විවිධ කටකතා පැතිරීම හේතුවෙන් බූස්ටර් එන්නත ලබාගැනීමට ඇතැම් පිරිස් මැළිකමක් දක්වන බව පැවසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, එම කතා පිළිබදව විමර්ශන කළ විට 99%ක්ම එවැනි දෙයක් සිදුවී නොමැති යැයිද, රෝගයෙන් ආරක්ෂා වීම සදහා ජනතාව බියනොවී බූස්ටර් එන්නත ලබාගත යුතු යැයිද සදහන් කළේය.