රට නැවත විවෘත කිරීමත් සමග මේ වන විට ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් රැසක් පැමිණෙන බැවින් ගුවන් තොටුපළවල්වලට ප්‍රවිශ්ඨ වන පිවිසුම් මාර්ග සියල්ල කඩිනමින් සංවර්ධනය කිරීමට තම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. එහි පළමු අදියර ලෙස රත්මලාන ගුවන්තොටුපළට ප්‍රවිශ්ඨ වන මාර්ගයේ සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රත්මලාන ගුවන් තොටුපළ වෙත පිවිසෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන්ට මෙන්ම මෙම මාර්ගය භාවිතා කරන ගුවන් හමුදා නිලධාරීන් වෙනුවෙන් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු දින 20ක් ඇතුළත අවසන් කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.
රත්මලාන ගුවන් තොටුපළ වෙත පිවිසෙන මෙම මාර්ගයේ දිග කි.මි 1.6කි. මේ සඳහා රු.මිලියන 99.3 ක මුදලක් වැය කෙරේ. මාර්ගය දෙපස පදික මංතීරූ ඉදිකිරීම සඳහා රු.මිලියන 20.4 ක්ද මාර්ගය දෙපස වීඨි පහන් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු.මිලියන 24.8 ක මුදලක් වැය කෙරේ.