පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ඡන්ම දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    ජනවාරි 26, 2022

    නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඡන්ම දින සුබපැතුම් පුද කරයි.

     

    උන්වහන්සේගේ ඡන්ම දිනය නිමිත්තෙන් අද (26) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය.

    නාහිමියන්ට ආශිර්වාද පිණිස පැවති දානමය පුණ්‍ය කර්මයට සහභාගී වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නයට දානය පිළිගැන්වීය.

    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, අමරපුර ශ්‍රී ධම්මරක්ඛිත නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya