නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙරට කුඩා රබර්වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නියමිත නියමු ව්‍යාපෘතියේ පෙර සූදානම පිළිබදව සොයා බැලීම උදෙසා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු ඒරික් ලැවටු (EH. Eric Lavertu) මහත්වරුන් (25) අගලවත්ත, ඩාර්ටින් ෆීල්ඩ් වතුයායේ පිහිටි රබර් පර්යේෂණායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල කුඩා රබර් වතු හිමියන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමුව මොණරාගල දිස්ත්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 6000 දෙනෙකුට රබර් වගාවට නවීන තාක්ෂණය යොදාගත හැකි ආකාරය සම්බන්ධයෙන් පුහුණුව ලබාදුනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරීමෙන් වර්තමානය වන විට මෙරටට විශාල අදායමක් ලැබෙමින් තිබෙන බවත්, මෙරට නිෂ්පාදන අංශය වැඩි දියුණු කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙලට තම අමාත්‍යංශය උපරිම සහයෝගය ලබාදෙන බවත් පැවසීය.
මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තනාපති එරික් ලැවටු (EH. Eric Lavertu) මහතා මෙරට නිෂ්පාදන කේෂ්ත්‍රයේ දියුණුව සඳහා අවශ්‍ය ඕනෑම වේලාවක උදවු උපකාර කිරීමට ප්‍රංශ රජය සූදානමින් සිටින බවත් දෙරට අතර පවතින මිත්‍රත්වය සිහිපත් කළ තනාපතිවරයා මෙවැනි නවීන ව්‍යාපෘතියක් වෙනුවෙන් තම රට සමඟ අත්වැල් බැඳගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූතිවන්ත වන බවත් පැවසීය.
තම රට සමඟ එක්වී වඩා හොඳ නිෂ්පාදන ලෝකයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද ප්‍රංශ තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.