ආණ්ඩුව පෙරළීම ම විපක්ෂයේ කාර්ය භාරය බව, විපක්ෂය සිතාගෙන සිටින බවද ඔහු කියා සිටියේය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් රටවල ක්‍රියාත්මක වන්නේ' එයාකාරයෙන් අත්වැල් බැඳගැනීම මත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයට, සිය විමධ්‍යගත අරමුදලින් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා ඊයේ (26) පෙරවරුවේ සහභාගී වෙමින් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතාද එක්ව සිටියේය.
මේ සතියේද තවත් ජාතික පාසල් 02ක් සියලු පහසුකම් සහිතව විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. සෑම පළාතකටම එක් ජාතික පාසලක් බැගින් ජාතික පාසල් 09ක් සිසු අයිතියට පත් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුවෙන් ආරම්භ වූ බවද ඔහු කියා සිටියේය.
අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද කීය.
“ලෝකය මුහුණු දුන්න ලොකුම අර්බුදයක් තමයි කෝවිඩ් අර්බුදය. අද ජීවත් වන 90% ක් ජීවත් වුණේ නැහැ දෙවන ලෝක යුද්ධ සංග්‍රාමය කාලේ. දෙවන ලෝක සංග්‍රාමය කාලෙත් සියලු දෙනා ජාතික වශයෙන් රටත් ජාතියත් ආරක්ෂා කරන්න අත්වැල් බැඳගත්තා. එකට ආණ්ඩුවෙ සිටියේ නැති වුණාට අත්වැල් බැඳගෙන වැඩ කළා. ඒ නිසයි අපිත් ආයාචනය කරන්නේ, මොකද දෙවන ලෝක සංග්‍රාමයටත් වඩා භයානක තත්ත්වයක් තමයි මේ කෝවිඩ් සංග්‍රාමය. මේ ජන ජීවිතය හා ආර්ථීකයත් ආරක්ෂා කර ගැනීම සඳහා අත්වැල් බැඳ ගැනීමයි, එකට වැඩ කිරිමයි යුතුකම. විපක්ෂයේ ඉන්නවා කියලා ආණ්ඩුව පෙරළන්නම ඕන කියලා හිතාගෙන ඉන්නවනම් ඒ විපක්ෂයේ බලාපොරොත්තුව. නමුත් එකට වැඩ කළොත් ජනතාවට කොයි තරම් සුබසෙතක්ද කල්පනා කරන්න. මේ වගේ ජාතික ව්‍යවසනයන්වලදී අනෙක් රටවලත් කටයුතු කරන පිළිවෙත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන්නේ එයාකාරයෙන්.”
“ජාතික පාසල් ව්‍යාපෘතියේ දැනටමත් අපි පළමු පාසල් 09 ව්‍යාප්පෘතිය අතිගරු ජනාධිපතිතුමා අතින් සියඹලාණ්ඩුව පාසලින් ආරම්භ වුණා. එදිනම රටේ හැම පළාතකම එක පාසලක් පරිවර්තනය වුණා ජාතික පාසල් වැඩසටහන යටතේ පහසුකම් සහිතව. ඒ වැඩපිළිවෙල අඛණ්ඩව ගමන් කරනවා. මේ සතියෙත් මම තවත් ජාතික පාසල් දෙකක්, ඒ පහසුකම් සහිතව විවෘත කරනවා. එය අඛණ්ඩව ගමන් කරනවා. මොකද අපේ රටේ දරුවන්ගේ යහපතට. උගත් දරු පරම්පරාවට ලබා දිය යුතු හැම විෂය ක්ෂේත්‍රයක්ම එක්කීරීමෙන් තමයි මෙය ක්‍රියාත්මක කරන්නේ. සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට කිසිම ජාතික පාසලක් නැහැ. නිදහස් අධ්‍යාපනය අර්ථවත් කිරීමට ඒ සියලු දෙනාට මේ තුළින් එක්වන්නට අධ්‍යාපන ධාරාවේ හැකියාව සහතික කරනවා. ඒ වැඩ පිළිවෙළ ඉදිරියට යනවා.”
“අපි විභාග කල් දාපුවා ආරම්භ කරලා තියෙනවා. ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූවා ගිය සති අන්තයේ. 07 වනදට උසස්පෙළ විභාගය පැවැත්වෙනවා ඒ කල්දාපු විභාග පවත්වන්න පුළුවන් වුණා. “
“ගුරුවරුන්ට අවුරුදු 24ක් තිබුණ ප්‍රශ්නය විසඳා ,ලංකාවේ ලොකුම මුදල් ප්‍රමාණය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළා. බිලියන 30 ක්, මිලියන 30000ක්. අධ්‍යාපනයට ලබා දිය යුතු උපරිම දායකත්වය, ශක්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ලබා දීලා තියෙනවා.”
“සෞභාග්‍යයේ දැක්ම කියන්නේ රටක් සෞභාග්‍ය කරා ශක්තිමත්ව දෙපයින් නැගී සිටීමයි. වෙනත් රටවල්වලට ණය වී නිවට ජාතියක් වීම නොවෙයි. අප එය සාර්ථක කරන්න පුළුවන් රටක්, එය අපි ඔප්පු කරලා තියෙනවා මීට කලින්. මහ පසු බෑමක් ඇති නොවන්න, මේ රට සහලින් ස්වයංපෝෂිත විය හැකි දේශයක්. ඒ ගැන අපට විශ්වාසයක් තියෙනවා. ජනාධිපතිතුමා ඒ ඉලක්කයට රට ගමන් කරවනවා. මේ දැනට තිබෙන සහල් අර්බුදය, වෙළඳ පොළට සැපයුම පිළිබඳව තිබෙන ප්‍රශ්නයට රජය සක්‍රීයව මැදිහත් වෙන්න තීරණය කරල තමයි, වෙළඳ ඇමතිතුමා අප මිත්‍ර විදේශ රටවල් දෙක තුනකින් සහල් දැනට ලබාගෙන වෙළඳ පොළට ලබා දීමට දීමේ ක්‍රියාවලියට බැහැල තියෙන්නේ. එය ක්‍රමානුකූලව ලබා දීමට පුළුවන්කම ඇමතිතුමාට තියෙනවා.”
“විදුලි බලය විසන්ධි කිරිම හෝ සන්ධි කිරීම සම්පූර්ණ බලය තියෙන්නේ විදුලි ඉංජීනේරුවන්ගේ අතේ. අමාත්‍යවරු ඉන්න පුළුවන්. අමාත්‍යතුමාගේ උපදෙස් ගත යුතුයි. අමාත්‍යතුමාගේ අනුමැතිය ගත යුතුයි. නමුත් එය ඉංජීනේරුවන්ගේ අතේ තියෙන්නේ. ඇයි ඉංජීනේරුවරු විසින් මෙසේ කරන්නේ කියලා ඔවුන් විසින් පැහැදිලි කළ යුතුයි. විදුලිය කියන්නේ ජනතාව, රජය හා පාරිභෝගිකයා කාලයක් තිස්සේ බොහෝම අමාරුවෙන් ලබාගෙන දියුණු කරගත්ත සේවාවක්. ඒක පවත්වාගෙන යෑම රටේ සෑම ජන කොට්ඨාශයකටම අවශ්‍යයයි. කාලගුණික විපර්යාසයන් සිද්ධ වෙනවා. ඒ හේතුද මීට බලපාන්නේ කියන එක පැහැදිලිකර දීම යුතුකමක්. ඇමතිවරු අතර ප්‍රශ්නයක් නැහැ. විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය කළ යුතුයි. උත්පාදනය කරන විදුලිය බෙදා හැරිය යුතුයි. බෙදා හරින්නට ඕන පාරිභෝගිකයට. ඉතිං මේකනේ සරල දේ. මෙය දැනට සවිකරල තියෙන පද්ධතිය හරහා සිදු වෙනවා. හදිස්සියේ නවත්වනවා. ඒකනේ ප්‍රශ්නය. මම විශ්වාස කරනවා එය නවත්වා ගැනීමට කටයුතු කරයි කියල''යැයි පැවසීය