මෙරට තොරතුරු තාක්ෂණ (IT) ප්‍රවීණතාලාභීන් සිය සමාගම් සඳහා සේවය සැපයීමට යොදාගැනීමට අන්තර්ජාතික සමාගම් කැමැත්තක් දක්වන බවත් ඒ සදහා අන්තර්ජාතිකව පිළිගන්නා NVQ මට්ටමේ පාඨමාලාවක් මගින් ඔවුන්ව තෝරාගැනීමට බලාපොරොත්තු වන බවත් පැමිණ සිටි සේවායෝජකයෝ කියා සිටියහ.ඒ සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ සහාය සහ මගපෙන්වීම බලාපොරොත්තු වන බව ඔවුහු කියා සිටියහ.
මෙරට තොරතුරු තාක්ෂණික දැනුම ලබාගන්නා තරුණ තරුණියන් කර්මාන්ත අමාත්‍යාංශය හරහා කර්මාන්තකරුවන්ට සම්බන්ධකොට රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට තමන් සුදානම් බව කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යාංශය හරහා ඊට අවශ්‍ය පුහුණුව, සහතික පත්‍රය ඇතුළු පහසුකම් සැලසීමට සුදානම් බව රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියාය.
පළමු අදියර යටතේ 1000ක කණ්ඩායමකට මේ සදහා පුහුණුව ලබාදීමට නියමිතව ඇත. අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් හැකි ඉක්මනින් මෙම වැඩසටහන අරඹන ලෙස අමාත්‍යවරයා සහ අමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්හ.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දීපා ලියනගේ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායන ඇතුළු මහත්ම මහත්මීහු එක්ව සිටියහ.