මෙම නාමාවලියේ පළමු මුද්‍රණය 1996 දී සිදු කර තිබේ. මෙම වර්ෂයේ දී එහි දෙවන මුද්‍රණය සිදුකළ අතර එම මුද්‍රණයේ පළමු පිටපත මෙලෙස ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පිරිනැමිණි.
21වැනි සියවසේ කාර්යක්ෂම තැපැල් සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් තැපැල් කටයුතු විධිමත් කිරීමට එහි කටයුතු ඩිජිටල්කරණය කළ යුතු බවත් ඉදිරි මාස කිහිපය තුළ එම කටයුත්ත ක්‍රියාත්මක කරන බවත් උත්සවයට සහභාගී වෙමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
මෙම නාමාවලියෙහි සෑම තැපැල් කාර්යාලයකටම සහ උප තැපැල් කාර්යාලයකටම තැපැල් සංකේත අංකයක් හිමි වන අතර එමගින් ලිපි සහ භාණ්ඩ බෙදා හැරීමේදී සිදුවන අපහසුතාවයන් මග හැරෙන බවද ඒ මහතා පැහැදිළි කළේය.
දිවයින පුරා පිහිටා ඇති තැපැල් කාර්යාල සංඛ්‍යාව 654ක් වන අතර උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3410කි.මෙම සෑම තැපැල් කාර්යාලයකම ලිපි හුවමාරුවීම් සිදු නොකෙරෙන අතර ඇතැම් තැපැල් කාර්යාලවල භාණ්ඩ හුවමාරුව පමණක් සිදු කෙරේ.
මෙම නාමාවලිය ඔස්සේ ලිපිනයන් සොයා ගැනීමේ අපහසුතාවයන් ද මඟහැරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.