ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් නව රක්ෂණ වැඩසටහන නිල වශයෙන් ජනතා ගතකිරීම සිදු විය.
ඒ අනුව වාහන සඳහා සණස රක්ෂණ සමාගමේ තුන්වන පාර්ශවයේ රක්ෂණ හිමිකම් ගෙවීම් තැපැල් කාර්යාලවලින් සිදු කිරීමේ හැකියාව අද සිට ක්‍රියාත්මක කෙරෙන අතර මුදල් ගෙවීමෙන් මසකට පසුව එම හිමිකම් කාඩ්පත තැපැල් මගින් නිවසට ලබා දීම සිදු කෙරේ.
මෙම ක්‍රියාවලිය සංකේතවත් කරමින් අද එක් සේවාදායකයකු රක්ෂණ හිමිකම සඳහා ලියාපදිංචි කරවීමද සිදු කෙරිණි.
ඉදිරියේදී කෘෂීකර්මාන්තය ඉලක්ක කර ගනිමින් රක්ෂණාවරණයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මෙම උත්සවයට එක් වෙමින් සණස සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති ටිෂාන් සුබසිංහ මහතා කියා සිටියේය.
එමෙන්ම භාණ්ඩ අපනයනය කරන පිරිස් සඳහාද මෙවැනි රක්ෂණ ක්‍රමයක් යෝජනා කරන බවද ඒ මහතා තවදුරටත් පැවසීය.