පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

      2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රදානෝත්සවය පෙබරවාරි 03 සිට 06 තෙක්

    ජනවාරි 29, 2022

     

    2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රදානෝත්සවය පෙබරවාරි 03 සිට 06 තෙක්

    නවීන තාක්ෂණයට සහ දේශීයත්වයට මුල් තැන දෙමින් දේශීය හා විදේශීය වෙළෙඳපොල ජය ගත හැකි තරගකාරී කර්මාන්ත ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණ ඇතිව “2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රදානෝත්සවය” ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කර ඇත. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය, දිරි ගැන්වීම හා සංවර්ධනය වෙනුවෙන් කැපවූ කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක අයාතනයකි.


    කර්මාන්ත ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවය 2022 පෙබරවාරි 03 සිට 06 තෙක් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එහිදී නවීන තාක්ෂණයෙන් හෙබි නිෂ්පාදන හා සේවාවන් මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.

    පාරිභෝගිකයන්ට අමතරව ගැණුම්කරුවන්, අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්, බෙදාහරින්නන් එකට එක්වීමෙන් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය, ගැණුම්කරුවන්ගේ අවශ්‍යතා ආදිය හඳුනා ගැනීමට හැකිවීමත් පාරිභෝගිකයාට තමන් මිලදී ගන්නා භාණ්ඩ නිපදවන ආකාරය දැක ගැනීමට හැකි වීමත් ප්‍රදර්ශනයේ ඇති විශේෂ ලක්ෂණයකි.

    ක්ෂේත්‍ර 20ක් නියෝජනය වන පරිදි පළාත් හා දිස්ත්‍රික් මට්මින් ව්‍යවසායකයන්126 දෙනකු වෙත ත්‍යාග හා සම්මාන ප්‍රදානය කෙරේ. කර්මාන්ත කරුවන් ඇගයීම සහ දිරිගැන්වීම මෙහි අරමුණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya