පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය අරඹා වසරයි- සියල්ල දෙස ආපසු හැරී බැලීමට හොඳ අවස්ථාවක් - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    ජනවාරි 29, 2022

    ජනවාරි 29 වනදා මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය අරඹා වසරක් සම්පූර්ණ වන බවද මෙය සියල්ල දෙස ආපසු හැරී බැලීමට හොඳ අවස්ථාවක් බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    ඔහු පසුගියදා (26) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමින් මේ බව කියා සිටියේය.

    ලංකාව දරුවන්ගේ සහ ගර්භණී මවුවරුන්ගේ එන්නත්කරණය පිළිබදව ඉහළින්ම පවතින රටක් වහයෙන් පැවති බවද, කොවිඩ් වසංගතය ඇරඹීමත් සමග 2020 වසරේ ජූලි අගෝස්තු මාස වන විට ලෝකය පුරා කොවිඩ් මර්දන එන්නත් නිපදවීම ඇරඹි බවද, මෙම එන්නත් පිළිබද සහ ඒවා ආරක්ෂාදායීද යන දත්ත විශ්ලේෂණය කර විද්වත් උපදෙස් ලබාගනිමින් ඔක්තොම්බර්, නොවැම්බර් මාස වන විට එන්නත් ලැබුණහොත් ලබාදීම සදහා අපගේ සෞඛ්‍ය අංශ සූදානමින් පසුවූ බවද ඔහු සිහිපත් කළේය.

    එන්පසු එන්නත්කරණය අප්‍රමාදව අරඹා ක්‍රමානුකූලව ලබාදුන් බවත්, ලොව පුරාම එන්නත් වලට පැවති දැඩි ඉල්ලුම මත එන්නත් ලබාගැනීමේ යම් යම් ගැටලු මතු වුවද, එම සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් නොකඩවාම මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකළ බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    මේ වන විට මෙරට ජනගහණයෙන් 60% ඉක්මවා එන්නත් මාත්‍රා 02ක් අනිවාර්යයෙන් ලබාදී ඇතැයිද, එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගත් සංඛ්‍යාව 70% ඉක්මවා ඇතැයිද, තෙවන මාත්‍රාව මේ වන විට ලක්ෂ 50කට ආසන්න සංඛ්‍යාවකට ලබාදී ඇතැයිද ඔහු කියා සිටියේය.

    අතිවිශාල වියදමක් දරමින් එන්නත් ලබාගනිමින් ඉන්පසු ඒවා කාර්යක්ෂමව රටපුරා බෙදාහරිමින් එන්නත්කරණ මධ්‍යස්ථාන සංවිධානය කරමින් සහ එන්නත් සැපයීම අභියෝගයක්ව පැවති අවස්ථාවේ සියලු කටයුතු ක්‍රමානුකූලව කරමින් ගිය මෙම වැඩසටහන ඉතා භාරදූර කාර්යයක් බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

    මෙම එන්නත්කරණ වැඩපිළිවෙල මගින් ජනතාවට සුවිශාල සේවයක් සිදුවූ බවද, එන්නත්කරණය හේතුවෙන් බරපතල තත්ත්වයක් හෝ අතුරු අර්බුද වාර්තාවී නැතැයිද ඔහු පැවසුවේය.

    එන්නත්කරණයට වසරක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමෙන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමෙන් සැමරීමක් සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයිද, ඒ අනූව සෞඛ්‍ය අමාත්‍යංශයේද ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් චාම් උත්සවයක් සිදුකරන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya