2021 අ.පො.ස.උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වන දා ආරම්භ වීමට නියමිතය. එය අවසන් වන්නේ මාර්තු 05 වනදාය.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඔහුගේ විමධ්‍යගත අරමුදලින් හෝමාගම ගොඩගම මාර්ග 8ක් කාපට් අතුරා සංවර්ධනය කර, විවෘත කිරීමේ අවස්ථාවන්ට 2022.01.30 දින එක්වෙමිනි.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇතැයි තම අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. පසුගිය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව් තිබූ මෙම විභාගය සඳහා, අමාත්‍යංශයේද උපදෙස් මත, විභාග කොමසාරිස්වරයා සියලු කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු පැවසීය.
උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙන කාල සීමාව කලින්ට වඩා අඩකින් අඩුකර, එම තරුණ පිරිසගේ අධ්‍යාපන කාලය ඉතිරි කරදීම තම අභිප්‍රාය බවද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. විභාග ප්‍රතිඵල පමාවන්, විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ ප්‍රමාදයන් වළක්වා ගතහොත්, දරුවෙකුගේ අධ්‍යාපන කාලයේ අපතේ යන වසරක පමණ කාලයක් ඉතිරි කරදිය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ සඳහා තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු ආරම්භ කර ඇති බවද කීය.