ජනතාව වෙත සාධාරණ මිල ගණන් යටතේ ගුණාත්මක අතින් උසස් ඖෂධීය ගුණයෙන් යුත් ඔසු කැද වර්ග, දේශීය අල වර්ග, දේශීය රස කැවිලි ඇතුළු ආහාර වර්ග මෙන්ම ඖෂධීය ගුණයෙන් පිරිපුන් දේශීය සහල් වර්ග අලෙවි කිරීමේ අරමුණෙන් මෙම සුවධරණී පෝෂණ මන්දිර ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා,
දේශීය ආයුර්වේදය ගුණාත්මක අතින් උසස් ඖෂධ අමුද්‍රව්‍ය පිළිබද ප්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. මේ වන විට ඖෂධ අමුද්‍රව්‍ය වගා කිරීම අපේ රටට ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. ඔසු වගා ආර්ථික වශයෙන් ඉතා ඵලදායකයි. අපි පාළු වෙන කුඹුරු ගැන කතා කරනවා. රසායනික පොහොර ගැන කතා කරනවා. නමුත් දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ශාක වගා කිරීමට රසායනික පොහොර අවශ්‍ය වන්නේ නැහැ. මේ වන විටත් හීන් බිං කොහොඹ කිලෝවක් රුපියල් විසි පන්දහසක් වෙනවා. ඉතා ඉහළ මිලක් වෙනවා. ඒ වගේ හීං අරත්ත ඇතුළු දේශීයව වගා කළ හැකි ඖෂධ රැසක් මෙරටට ගෙන්වනවා. දුන් ඒ සදහා ආනයන සීමා කිරීම් පනවලා තියෙනවා. ඒ නිසා එම ඖෂධ දේශීයව වගාකර සාර්ථක ආදායමක් ලබාගැනීමට හැකියාව පවතිනවා. එම නිසා අප අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක දේශීය ඔසු වගා ව්‍යාපෘතිය හා එක්වන ලෙස ඔබ සැමට ආරාධනා කරනවා යැයි ප්‍රකාශ කළේය.
නිරෝගී සම්පන්න ජනතාවගෙන් සපිරි දේශයක් ගොඩනැගීම උදෙසා ජනතාව බෝවන සහ බෝ නොවන රෝග වලින් ආරක්ෂා කරගැනීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලේ මෙය තවත් එක් ව්‍යාපෘතියකි.
මෙම අවස්ථාවට මිණිපේ ප්‍රාදේශීය ලේකම් නුවන් හේමකුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.