පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ අරමුණෙන් උපකරණ බෙදයි

    පෙබරවාරි 01, 2022

    එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ වැඩසටහන යටතේ උපකරණ බෙදා දීමේ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණ.

    ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගම තුළ ඇති සම්පත් කළමනාකරණය වඩාත් ඵලදායි ලෙස සිදු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව අනුව ව්‍යවසායකයින් දහ හතර දහසක් බිහි කිරීමේ සංකල්පය මත ඔවුන්ට අවශ්‍ය පුහුණුව, දැනුම සේම අනෙකුත් උපකරණ සපයා දී ව්‍යවසායකයින් බිහි කිරීම මෙමගින් සිදු කෙරේ.

    ඒ අනුව බෑග් මැසීම, මදුරු දැල් මැසීම, රෙදි මැසීම සඳහා ජුකී මැෂින් , ඇඹරුම් යන්ත්‍ර, බහු කාර්ය වඩු යන්ත්‍ර හා වඩු උපකරණ, යකඩ වැඩ සඳහා අවශ්‍යය උපකරණ, හඳුන් කූරු නිෂ්පාදන උපකරණ ආදිය බෙදා දීම සිදු කෙරිණි.මෙම පිරිස් සඳහා අවශ්‍යය පුහුණුව මිහින්තලය විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ලබා දී ඇත.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍යය නිළධාරීන්ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya