අද (01)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ පසු උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙනම ස්ථානයක් පවා වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, දේශපාලන පක්ෂවලට අවශ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇතැයිද කීය
ඊයේ පැවති කැබ්නට් රැස්වීමේ දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද ප්‍රහාරය තරයේ හෙළා දකිමින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කළ බවත් කීය.
මේ සම්බන්ධයෙන් රජයේ බලවත් කණගාටුව පල කරන බව කී අමාත්‍යවරයා, යම් කිසි පිරිසක් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා මෙවැනි සිදුවීම් කරන බවට සැකයක් ඇතැයිද කීය.