පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට චීන කථානායකවරයා ඉක්මන් සුව ප්‍රාර්ථනා කරයි

    පෙබරවාරි 01, 2022

    මේ වන විට කොවිඩ් ආසාධිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා ලිපියක් මගින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

    කොවිඩ් - 19 අභියෝගය ආරම්භයේ සිටම අන්‍යෝන්‍ය උපකාර මගින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය වැඩි දියුණු වූ බවත් ඉදිරියේදීත් කොවිඩ් ව්‍යසනය ජය ගැනීමට චීනය නිබදව ශක්තියක් වන බවත් චීන පාර්ලිමේන්තුවේ කථානායක ලී ෂන්සු මහතා ලිපිය මගින් දන්වා ඇත.

    තවද, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර පවතින සබඳතාවන් පුළුල් කිරීම හරහා චීන ශ්‍රී ලංකා සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවද චීන කථානායකවරයා වැඩිදුරටත් ලිපිය මගින් දන්වා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya