පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ගුණාත්මකභාවයෙන් යුතු පොල්තෙල් ආනයන බදුවල වෙනසක් ගැන සාකච්ඡා කෙරෙනවා - වැවිලි කර්මාන්ත අමාත්‍ය

    පෙබරවාරි 01, 2022

    ෆාම් තෙල්  ආනයනික බද්ද අඩු කිරීම පිළිබඳව රජය කිසිඳු තීරණයක් ගෙන නැහැ 

    මෙරටට ෆාම් තෙල් ආනයනය කරනු ලබන්නේ විශේෂිත කරුණු සඳහා පමණක් වන හෙයින් ෆාම් තෙල් ආනයනික බද්ද අඩු කිරීම සම්බන්ධව රජය විසින් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ,  අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ, ඉදිරියේ දී ආනයනික ෆාම් තෙල් සම්බන්ධව හා ප්‍රමිතියෙන් යුතු පොල්තෙල්වල ආනයනික බද්ද අඩුකිරීමට රජය ගනු ලබන තීරණ පිළිබඳව වූ පැනයට පිළිතුරු වශයෙනි.

    එමෙන්ම, ගුණාත්මකභාවයෙන් ඉහළ පොල්තෙල් මෙරටට ආනයනය කිරීමේ දී පනවා තිබෙන බදුවල කිසියම් වෙනසක් සිදු කළ යුතු ද සහ සිදු කළ හැකි ද යන්න පිළිබඳව සකච්ඡා කරමින් තිබෙන බවත්, එහෙත් ඒ සම්බන්ධව ද කිසිඳු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya