ජනවාරි 31 දා පැවති අතුරුදහන් වූ මාධ්‍යවේදීන් සැමරීමේ උත්සවයට සමගාමීව අතුරුදහන් වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්ද යන්න පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පෙබරවාරි 02 දින (අද) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
අධිකරණ අමාත්‍යංශය සංවිධානය කරන ජංගම වැඩසටහන් ඉඩම් නිල ලේඛණ සේම අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල තත්ත්වය ඇතුලු අතුරුදහන් වූවන් සම්බන්ධ සියල්ල අන්තර්ගත බවත්, වත්මන් ආණ්ඩුවට මෙරටේ අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැසීමට හැකියාවක් නොමැති නමුත්, අධිකරණ කටයුතු විධිමත්ව කරගෙන යාමට ආණ්ඩුව සියලු සහයෝගය අධිකරණයට ලබා දෙන බවත්, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.