මෙම වසරේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ යොවුන් ඡන්ද මාර්ගගත ක්‍රමය යටතේ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුම්වත් කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් පෙබරවාරි 01 (අද) නුගේගොඩ ‘සක්යා”
පෞද්ගලික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාර පරිශ්‍රයේ පැවති වැඩමුළුවකට එක්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම ජූනි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වයස 18 සම්පූර්ණ වන අයගේ ඡන්දය ලියාපදිංචි කිරීම සැප්තැම්බර් 31 වන විට සිදු කරන බවත් මේ අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත්වූ අවස්ථාවේදී මැතිවරණයේ වලංගු ඡන්ද හිමි නාමලේඛණයට වර්ෂ 04කට වරක් සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛණයේ පරිපූරක ලැයිස්තු ප්‍රධාන ලැයිස්තුවට ඇතුලත් කරන බවත්, සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව 18 වැනි විය සම්පූර්ණ වූ සියලු දෙනාට හැකි ඉක්මනින් ඡන්දය ලබාදීමේ බලය හිමිකර දීමට මෙමගින් අපේක්ෂා කරන බවද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය. මෙම වසරේ සිට ග්‍රාම නිලධාරී කාර්යාල වෙත නොගොස් මාර්ගගත ක්‍රමය යටතේ ඡන්දය ලියාපදිංචි කිරීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයට සිය නිල වෙබ් අඩවිය මගින් අවස්ථාව ලබාදී ඇති බවත්, ස්මාට් දුරකතනය මගින් ඡන්දය ලියාපදිංචි කිරීමට ඒ අනුව හැකියාව ලැබෙන බවත්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මීට අමතරව ඡන්ද හිමි නාමලේඛණය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඒ මහතා මෙවරද පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් ග්‍රම නිලධාරිවරුන් විසින් ගෙයින් ගෙට ගොස් ඡන්ද හිමි නාමලේඛණ ලබා දීම සිදු නොකරන බවත්, ඒ වෙනුවට ERආකෘති පත්‍රයක් ලබාදීම සිදු කෙරෙන බවත්, ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය යටතේ මෙම ආකෘතියට තොරතුරු ලබාදීමට හැකියාව තිබෙන බවත්, පැවසීය.