පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    තානාපති අමීර් අජ්වාඩ් ඕමානයේ කෘෂිකර්මාන්ත, ධීවර හා ජල සම්පත් අමාත්‍යවරයා හමුවෙයි

    පෙබරවාරි 02, 2022

    ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්මාන්ත, ධීවර හා ජල සම්පත් අමාත්‍ය ආචාර්ය සෞද් හමූද් අහමඩ් අල් හබ්සි මහතා හමු විය.

    එහිදී කෘෂිකර්මාන්තය සහ ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන මිත්‍රශීලී රටවල් දෙකක් වන ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම හා සබැඳි ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළේ ය.

    කෘෂිකාර්මික අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා ආහාර සුරක්ෂිතතාව, පොල් කර්මාන්ත සංවර්ධනයේ තාක්ෂණික සහයෝගීතාව මෙන්ම, ධීවර බෝට්ටු තැනීම ආශ්‍රිත සහයෝගීතාව ඇතුළුව ධීවර ක්ෂේත්‍රය ඇතුළත් විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳව ඔවුහු මෙහිදී සාකච්ඡා පැවැත්වූ හ. විශේෂඥ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම මෙන්ම දෙරටේ අදාළ අංශ අතර සබඳතා ඇති කරගැනීමේ අරමුණින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය හා සබැඳි අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් පවතින කටයුතු අවසන් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    ඕමානයේ කෘෂිකර්මාන්ත, ධීවර හා ජල සම්පත් අමාත්‍යංශයේ උපලේකම් සහ ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රහ්මා එන්. අල්. හජ්රි මහතා, අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන් සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් දිලිනි අබේසේකර මහත්මිය යනාදීහු මෙම හමුවට සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya