පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    '''සුවසිරි පුර ඖෂධ නිෂ්පාදන කලාපයේ පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවට මුල් ගල තබයි

    පෙබරවාරි 03, 2022

    රට හදන '' සෞභාග්‍යයේ දැක්ම '' ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පෙන්වා දී ඇති පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ දේශිය ආයෝජකයින්ගේ දායකත්වය මත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනට සමගාමීව ඉදි කෙරෙන අනුරාධපුර ඔයාමඩුව '' සුවසිරිපුර '' ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    දේශිය ආයෝජකයින් සඳහා ඉදි කෙරෙන පළමු ඖෂධ නිෂ්පාදන කලාපය ඔයාමඩුව '' සුවසිරිපුර'' වෙයි. මෙම කලාපයේ ආයෝජනය කිරීමට දේශිය ආයෝජකයින් 20 දෙනෙකු මේ වන විට තෝරාගෙන ඇත. ඒ අතුරින් පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ලෙස '' නියෝලීනා හෝල්ඩින් පුද්ගලික සමාගම '' ඉදිකිරීම් කටයුතු ආරම්භ කරයි. ඒ සඳහා ඔවුන් රුපියල් මිලියන 50 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතය. දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමට මෙමඟින් අපේක්ෂා කරනු ලබයි.

    මෙම ඖෂධ නිෂ්පාදන කලාපය මඟින් මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% ක් පමණ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් විදේශ විනිමය ඉතිරි කර ගැනිමට මනා පිටිවහලක් වේ.

    මෙම අවස්ථාවට නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති,නියෝලීකා හෝල්ඩින් පුද්ගලික සමාගමේ සභාපතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya