මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද සහභාගී විය. නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වූ සංඝගත දක්ෂිණාව පිළිගැන්වීම අද(03) උදෑසන කොළඹ,හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී සිදු විය.
74 වැනි නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 04) උදෑසන නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ වේ. ''අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්'' යන තේමාව මෙවර නිදහස් දින සමරුව පැවැත් වේ.
නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන ප්‍රධාන උත්සවයට සමගාමීව අප රට නිදහස් කර ගැනීමට නායකත්වය දුන් ශ්‍රේෂ්ඨ නායකයින්ගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර දැක්වීම, රුක් රෝපණ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් දිවයින පුරා පැවැත් වේ.