කොවිඩ් මාර්ගෝපදේශන්ට අනුකූල වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි මෙම උත්සවය සැළසුම් කර ඇති බවයි. භට පිරිස් 6500ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වීමට නියමිතය. මෙවර නිදහස් සැමරුම් උත්සවයට යුද හමුදා නිලධාරීන් 3463දෙනෙකු නාවික හමුදා නිලධාරීන් 919 දෙනෙකු ගුවන් හමුදා නිලධාරීන් 804 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 336 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 437 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 259 දෙනෙකු ද සැමරුම් උළෙලට එක්වීමට නියමිතයි. සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කිරීමට නියමිතයි.
74 වැනි නිදහස් දින ප්‍රධාන සැමරුම පෙරවරු 08.13 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සමඟ ආරම්භ වන අතර නිදහස ලබාගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කරමින් කටයුතු කළ වීරෝදාර සියලු පිරිස් අනුස්මරණය සඳහා විනාඩි දෙකක නිහඬතාව පැවැත්වීම සිදු වේ.
ඉන් පසුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදුකරන අතර ඉන් පසුව ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපතිවරයාට පිරිනමන සම්මාන මුරපෙළපාළිය පැවැත්වීම සිදුවේ. ත්‍රිවිධ හමුදා, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය , ජාතික ශිෂ්‍ය භට බළකාය, මෙන්ම සංස්කෘතික කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ආචාර පෙළපාලිය හා සන්නද්ධ රථ පෙළපාළිය ද ඉන් පසුව පැවැත්වේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මෙවර නිදහස් දින සැමරුම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව පැවැත්වෙන අතර ජෛව බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම සිදුවේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ගජබාහු’ නෞකාව ගාලුමුවදොරහි දී සිය සම්ප්‍රදායානුකූල ආචාර වෙඩි මුර 25 පවත්වා මාතෘ භූමිය වෙත සිය ආචාරය දක්වන අතර ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ගුවන් යානා 26 ක් නිදහස් දින සැමරුමට එක් වේ.