පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    උසස් පෙළ විභාගය සමයේ විදුලිය නොකැපීම ජාතික අවශ්‍යතාවක්- අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 06, 2022

    සෞභාග්‍යයේ දැක්ම යටතේ, මුදල් අමාත්‍යවරයා අය-වැයෙන් රට පුරා ම සෑම ගමකට ම, වෙන් කළ මුදල්වලින් ගමින් ගමට එකවිට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම, ඉතිහාසගත අවස්ථාවක් බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අය වැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන යටතේ, මහරගම මැතිවරණ කොට්ඨාශය තුළ එවැනි සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ අවස්ථාවට 03 දින එක්වෙමිනි.

    මහරගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයාද වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මෙහිදී මහරගම ගොඩිගමුව, පොල්වත්ත, පතිරගොඩ, පන්සල පාර, කොට්ටාව- කටුකුරුන්ද
    ආදී ස්ථාන රැසක මහජන සංවිධාන සහ ජනතා නියෝජිතයන් සමග ව්විධ ව්‍යාපෘති ආරම්භ කළේය. මෙම අවස්ථාවන්ට හිටපු පළාත් සභා මන්ත්‍රි සලෝචන ගමගේ, මහරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු වන නිශාන්ත විමලචන්ද්‍ර, ඉනෝකා රණවීර, රසිකා ගුණසිංහ, ප්‍රදීප් ලියනගේ, එන්. කුමාරිහාමි යන මහත්ම මහත්මීහුද එකව සිටියහ. ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ සුබසාධන, පාරිසරික ලෙස කොටස් හතරක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට නියමිතය. මහරගම ආසනය සඳහා 2022 පළමු කාර්තුව සඳහා අනුමත වී ඇති ව්‍යාපෘතීන් සංඛ්‍යාව 206කි.

    මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පෙබරවාරි 07 ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය ගැනද සඳහන් කළේය.

    " දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අ.පො.ස. උසස් පෙළ ව්භාගය පවත්වන්න, සියලු කටයුතු සූදානම්. කෝවිඩ් වසංගත තත්ත්වය නිසා සුවිශේෂි අවස්ථා පැන නැගුනහොත්, ඒ දරුවන්ට වෙනම ශාලා වෙන්කර තිබෙනවා. කල් ගිය මෙම විභාගය පවත්වා, කෙසේ හෝ මේ දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය දිනා දීම අපේ අරමුණයි. ඒ සඳහා සෞඛ්‍ය ආරක්ෂාව වැඩිකර තිබෙනවා."

    " උසස් පෙළ විභාගය සමයේ, විදුලිය කප්පාදු නොකිරීම ජාතික අවශ්‍යතාවක්. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය සමයේද විදුලි බල මණ්ඩලය අපට සහයෝගය දුන්නා. උසස් පෙළ යනු එක දිනයක විභාගයක් නොවේ. පෙබරවාරි 07 වන දා ආරම්භ වී එය අවසන් වන්නේ මාර්තු 05. විභාග කාලයේ විදුලි කප්පාදුවක් නොකරන ලෙස අප ඉල්ලා තිබෙනවා."

    ආර්ථිකය ගැන සඳහන් කළ අමාත්‍යවරයා...

    " ලෝකයට සිටින්නේ එක ආර්ථික විශේෂඥයෙක් නොවේ. රටින් රට අනුගමනය කරන ක්‍රියාමාර්ග විවිධයි. ණය ගෙන ආර්ථික සංවර්ධනය කරනවා, ණය නැතිව ස‍ංවර්ධන කටයුතු කරනවා. විවිධ රටවල් අපට උදව් කරමින් සිටිනවා. විසඳන්න බෑ කියූ, අවුරුදු 24ක් නොවිසඳුන ගුරු- විදුහල්පති වැටුප් ප්‍රශ්නය අපේ ආණ්ඩුව විසඳුවා. රු. බිලියන 30ක් වෙන් කළා. දැන් වැටුපට එය එකතු වී තිබෙනවා."

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya