පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    අ.පො.ස උසස් පෙළ විභාගය අද

    පෙබරවාරි 07, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2021 පෙබරවාරි මස 07 (අද ) ආරම්භ වෙයි.

    අද සිට මාර්තු මස 05 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්තාන 2438ක දී පැවැත් වේ.

    කොවිඩ් රෝගය වැලඳුණු අපේක්ෂකයින්ට දිවයින පුරා රෝහල්වල විශේෂිත විභාග මධ්‍යස්ථාන 29 ක් ආරම්භ කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සඳහන් කළේය.

    වෛද්‍යවරු සහ විභාගය පැවැත්වීම සඳහා සියළුම පහසුකම් මෙම විභාග මධ්‍යස්ථානයන්හි සමන්විත වේ. ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අංශයන්හි විශේෂ සහයෝගය ලැබුනු බවද කොමසාරිස් ජනරාල් පැවසීය. නිරෝධායනය වන සිසුන් සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂිත කාමරයක් හෝ දෙකක් වෙන් කර ඇත.

    විභාගය පැවැත්වෙන කාල සීමාවේ දී විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් හි ඩෙංගු මර්දන සහ ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විටත් අදාළ බලධාරින් කටයුතු කරමින් ඇත. ඒ අනුව , අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අදාළ පාසල් වල විදුහල්පතිවරු විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya