පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි නකල්ස් කාබනික කෘෂිකර්ම කලාපයට කාබනික පොහොර නිෂ්පාදන අංගනයක්....

    පෙබරවාරි 08, 2022

    මහවැලි නකල්ස් කාබනික කෘෂිකර්ම කලාපය සදහා කාබනික පොහොර නිෂ්පාදන අංගනයක් ඉදිකිරීම සදහා ඊයේ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමිනි.

    මෙය නූතනත්වයේ කාබනික පොහොර නිෂ්පාදන අංගනයක් වශයෙන් හැදින්වෙන බවද, කෘෂිකර්ම ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙහි වැල්ලේවෙල සහ ගුරුවෙල යන ප්‍රදේශ දෙකෙහි අදාල විද්‍යාගාර පහසුකම්ද සහිතව මහවැලි කලාපයට අවශ්‍ය සියලුම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 2000කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව නිපදවිය හැකි අංගන 02ක් සහිත විශේෂ මධ්‍යස්ථානයක් කාබනික කෘෂිකර්ම කලාපය වෙනුවෙන් ඉදිකිරීම සදහා අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    මෙය හොද පූර්වාදර්ශයක් මෙන්ම ඉතා හොද ආරම්භයක් බවද සදහන් කළ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රටපුරා මෙවැනි මධ්‍යස්ථාන ඉදිකිරීමට අනාගතයේ පුළුවන්කමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya