ඔහු මේ බව කියා සිටියේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමිනි.
දැනට ඔමික්‍රෝන් ප්‍රභේදය විශාල ලෙස රටතුළ පැතිරෙමින් යන බව කියා සිටි අමාත්‍යවරයා වාසනාවකට මෙන් සංකූලතා ප්‍රමාණය අවම වීමට හේතුවී ඇත්තේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබීම බවද, මෙම අවස්ථාවේ රජය මෙන්ම සෞඛ්‍ය අංශ තෙවන මාත්‍රාව එනම් අධි මාත්‍රාව ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉතා විශාල ඉල්ලීමක් කරන බවද කියා සිටියේය.
තෙවන මාත්‍රාව සදහා අවශ්‍ය වන ෆයිසර් එන්නත් සම්පූර්ණ තොගයම රටට මේ වන විට ලැබී ඇතැයිද, එය රජය වශයෙන් විශාල ආයෝජනයක් බවද සිහිපත් කළ අමාත්‍යවරයා රජය පාර්ශවයෙන් මෙන්ම ජනාධිපතිතුමාද විශේෂ වෙහෙසක් දරමින් පසුගිය දෙවසර තුළ එන්නත් තොග මෙරටට ලබාගැනීමට කටයුතු කළ අතරම එහි ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට නම් තුන්වන මාත්‍රාවද ලබාගන්නා ලෙස ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.