පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    විභාග පැවැත්වීමට සුදුසු පරිසරය නිර්මාණය කරගැනීම ශ්‍රී ලාංකික ජාතිය ලබාගත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් - ජනමාධ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 08, 2022

    මෙම බියකරු වසංගත සමයේ වසංගතය පරාජය කර මිලියන සංඛ්‍යාත දූ පුතුන්ගේ විභාග පැවැත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගැනීමට හැකිවීම ශ්‍රී ලාංකික ජාතිය ලබාගත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ආරම්භයේදී අදහස් දක්වමිනි.

    ආණ්ඩුවක් වශයෙන් මෙන්ම රජයක් වශයෙන් එයින් ඉතාමත් ඉහළ සතුටක් භුක්ති විදින බවද, මෙරට උසස් පෙළ විභාගය සදහා දූ පුතුන් 345,242ක් පෙනීසිටීම ඇරඹුවේ යැයි ඊයේ මාධ්‍ය වාර්තා කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    කොවිඩ් වෛරසය ආසාදනය වූ දූ පුතුන් 136 දෙනෙකු විශේෂ මධ්‍යස්ථාන 26ක ප්‍රතිකාර ලබන තත්ත්වයක් තුළ මෙම විභාගය පවත්වන බවද, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයටත් විභාග දෙපාර්තමේන්තුවටත් ස්තුතිවන්ත වන අතරම සියලු දූ පුතුන්ට විශිෂ්ඨ ජයග්‍රහණයක් මවුබිමට කැන්දන් ඒමට අවැසි ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya