09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරයට අදාළව ගිණුම් කාරක සභාව හෙවත් කෝපා සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළව සාමාජිකයින් නම් කළ බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එක් කාරක සභාවකට සාමාජිකයින් 22 දෙනෙකු බැගින් පත් කර තිබේ.
එමෙන්ම, මහජන පෙත්සම් පිළිබද කාරක සභාව ඇතුළු තවත් කාරක සභා කිහිපයක් සඳහා නම් කළ සාමාජිකයන්ගේ නම් ද නියෝජ්‍ය කථානායකවරයා සභාවට ඉදිරිපත් කරනු ලැබිණි