පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන සේවයේ ප්‍රමාද වී ඇති ස්ථාන මාරු ඉදිරියේදී වඩාත් ක්‍රමවත්ව - අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 08, 2022

    වසර 24ක් පුරා පැවති ගුරු විදුහල්පති ගැටළුවට මැදිහත් වෙමින් රුපියල් මිලියන30ක වැය ශීර්ෂයක් මෙවර අයවැයෙන් ලබා දෙමින් ආරම්භක විසඳුමක් ලබා දුන් බවත් ඉදිරියේදී විදුහල්පති ගැටළුව සම්බන්ධයෙන්ද අදාළ නිර්දේශයන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

     

    රෝහිණි කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පිරිවෙන් ආචාර්යවරුන් , රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරු සහ රජයේ අනුමත අනෙකුත් විශේෂ පාසල් ගුරුවරු සඳහා ද ගුරු විදහල්පති සේවාවන්හි වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණය අදාළ කර ගැනීම සම්බන්ධයෙන් ඊයේ (07)කැබිනට් මණ්ඩලය වෙත යොමු කළ බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

    තවද කොවිඩ් වසංගතය හේතුවෙන් පමා වු ඇතැම් විභාග ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

    අධ්‍යාපන සේවයේ ප්‍රමාද වී ඇති ස්ථාන මාරු ඉදිරියේදී වඩාත් ක්‍රමවත්ව සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya