පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් වාහන සහ උපකරණ ප්‍රදානයක්

    පෙබරවාරි 09, 2022

    මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරේ.

    ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය සිදුවූ අතර, එය සංකේතාත්මක වශයෙන් (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukosi Hideaki) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙනු ලැබිණ.ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 700ක් වේ.

    ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ රජයේ රස පරීක්ෂක ගෞරි රමනා මහත්මිය වාහන සහ උපකරණ භාර ගනු ලැබූහ.

    අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවකට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya