තම වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගනිමින් සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළු විසඳා ගන්නා ලෙසත් රෝගී ජනතාව බිල්ලට නොගන්නා ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. හෙඳ නිලධාරින් සහ ඇතැම් වෘත්තිය සමිති මේ වන විටත් වැඩ වර්ජනය කරන බවත් මේවා වෘත්තිය සමිති අරගල නොව දේශපාලන අරගල බවද සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගන්නා අවස්ථාවේ එම විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ලෝකයේ කිසිම රටක් රෝගී ජනතාව බිල්ලට ගනිමින් වැඩ වර්ජන මෙහෙයවන්නේ නැති බවත් එහෙත් අඩ්ජ වන විට රෝගින්ට එරෙහිව වැඩ වර්ජන මෙහෙයවන තත්ත්වයට රට පත්ව ඇතැයි ද සිසිර ජයකොඩි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් වර්ජනය පැවති අවස්ථාවේදී වසර 24ක් පැවති එම ගුරු වැටුප් විෂමතාවය නිමා කරමින් එම ඉල්ලීම් ලබා දුන් බවත්
එම ගුරුවරුන් අතිකාල දීමනා හෝ වෙනත් දීමනා නොලැබෙන බවද සිසිර ජයකොඩි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහෙත් ගුරු සේවයේ වැටුප හා සසඳමින් හෙඳ සේවයද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටීම අසාධාරණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඇතැම් ජ්‍යෙෂ්ඨ හෙද සේවකයින් රුපියල් ලක්ෂ 2ට ආසන්න වැටුප් හා දීමනා මාසිකව ලබා ගන්නා බවත් රෝගී ජනතාව බිත්තියට හේත්තු කරගනිමින් මෙම වරප්‍රසාද ඉල්ලා සිටින බවත් පෙන්වා දුන්නේය.