අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍යංශ ප්‍රකාශ යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
"ශ්‍රී ලංකාවට ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් 2022 පෙබරවාරි 02 වන දින ශ්‍රී ලංකා කුරුඳු භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමය විසින් ප්‍රසිද්ධ කර තිබෙන බවයි.වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, දිගු කාලීනව පෞද්ගලික හා රාජ්‍ය කුරුඳු පාර්ශ්වකරුවන් සමඟ කරනු ලැබූ ව්‍යාපෘතියක් සාර්ථක භාවයට පත් කරමින් මෙම භූගෝලීය දර්ශකය ලබා ගැනීමට හැකි වූ බව වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යම් නිෂ්පාදනයක් භූගෝලීය ප්‍රදේශයකින් ආරම්භ වී ඉහළ ගුණාත්මභාවයකින් වෙළඳපොළට සැපයෙන බව හඳුනා ගන්නා ලකුණක් ලෙස භූගෝලීය දර්ශකය හැඳින්විය හැකිය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් සඳහා යුරෝපා සංගමය තුළ ලියාපදිංචි කළ ප්‍රථම භූගෝලීය දර්ශකය වශයෙන් අද අපි ලබාගත් භූගෝලීය දර්ශකය ඉතිහාසයට එක් වනවා. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ භෝගයක් වන කුරුඳු සඳහා මෙය ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක් වගේම සමස්ත ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් කුරුඳු සඳහා “Ceylon Cinnamon GI” ලබා ගැනීම අති විශාල ජයග්‍රහණයක් බව කිව යුතුමයි."
2021 වර්ෂය තුළ දී කුරුඳු අපනයන මගින් ශ්‍රී ලංකාව ඇ. ඩොලර් මිලියන 230 ආදායමක් උපයා ඇති අතර, භූගෝලීය දර්ශකය ලබා ගැනීම තුලින් ඉදිරි වර්ෂවල දී, ඇ. ඩොලර් බිලියනයක අපනයන කර්මාන්තයක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරනු ලබන බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
මෙම භූගෝලීය දර්ශකය හරහා, ග්‍රාමීය ව ව්‍යාප්ත වී සිටින කුඩා පරිමාණ කුරුඳු වගාකරුවන්ට යුරෝපා වෙළඳපොළට “Ceylon Cinnamon GI” අපනයනය කිරීමට අවස්ථාව සලසා ගැනීමට හැකි බව ද, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මේ සඳහා කටයුතු සලසා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂි අපනයන භෝගයක් වන කුරුඳුවල අනන්‍යතාවය යුරෝපා වෙළඳපොළ තුළ තහවුරු කිරීම සඳහා ලංකා කුරුඳු භූගෝලීය දර්ශකය යුරෝපා සංගමයේ ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කළ බවත්, මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්ව කරුවන් වන විදේශ කටයුතු අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය, ශ්‍රී ලංකා යුරෝපීය සංගම් නියෝජිත, කුළු බඩු සංගමය, කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරුවන්ගේ සංගමය යන පාර්ශ්ව සියල්ල ඒකාබද්ධ ව කටයුතු කරන ලද බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.