ග්‍රාම සේවක වසම් මට්ටමින් නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම සඳහාද මේ වන විටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය. පාසල් ක්‍රිකට් ක්‍රිඩාව නැංවීම සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විශේෂයෙන්ම මහේල ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට කටයුතු කරන බවත් 15න් පහළ සහ 13 පහළ ක්‍රිකට් සංචිත පළාත් මට්ටමින් ගොඩ නැගීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇතැයිද අමාත්‍යවරයා කීය. ක්‍රිකට් පාලක මණ්ඩලයද පාසල් ක්‍රිකට් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් යොදවා ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට පළාත් පාසල් 650 ක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීමට කටයුතු කර ඇති බවත් බස්නාහිර පළාත සඳහා මෙම ක්‍රීඩා උපකරණ ලබා දී අවසන් බවද කීය.
පුහුණුකරුවන් සඳහාද තව දුරටත් පහුසුකම් ලබා දීමට අවධානය යොමු වී ඇති බවත් පුහුණුකරුවන්ගේ ගෙවීම් සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කෙළඹ ආශ්‍රිත පාසල් වල ආදි ශිෂ්‍ය සංගම් මඟින් මෙම කටයුතු සිදු වුණද ග්‍රාමීය පාසල් සඳහා විශේෂ අවධානය යොමු කර ඇතැයිද කීය.