මේ සඳහා මැදිහත්වෙමින් අධිකරණ අමාත්‍යවරයා විසින් එම විනිසුරුවරුන් ප්‍රමාණය 400 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් පුහුණුකිරීම සහ උසාවි වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද පැවසීය. අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත / අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් දෙවන වර කියැවීමේ විවාදයට එක්වෙමින් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
උසාවි වල නඩු භාණ්ඩ ගොඩ ගැසීම අද විශාල ගැටළුවක් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ නීති රීති සම්පාදනය කළ යුතු බව කීය. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට මනා දැනුමක් ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, අධිකරණය සම්බන්ධයෙන් ජනතාව විශ්වාසය කඩ වූ විට මිනිසුන් උසාවි වෙත නොයන බව පෙන්වා දුන්නේය.