අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත / අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් දෙවන වර කියැවීමේ විවාදය ආරම්භ කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නීතියේ ප්‍රමාදය යන කාරණය අද සමාජය තුළ ඔඩුදුවා ඇතැයි පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, එය විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව සඳහන් කළේය. ඇතැම් නඩු අවුරුදු 50ක් තිස්සේ උසාවි වල විභාග වෙමින් පවතින බවත් ,මෙම ක්‍රමවේදය වෙනස් විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නීතිඥ ප්‍රජාවද මේ සඳහා සහාය ලබා දී ඇතැයි ද කිය. නීතියේ පාලනය පිළිබඳ විශ්වාසයක් ඇති වීමේන් ජනතාව මේ සඳහා යොමු වන බවද කිය. මේ තුළින් නීතියේ නව නැම්මක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉක්මනින් අපරාධ නඩු විසඳීම සඳහා දීර්ග කාලයක් විසඳුම් සෙවූ බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, ඒ අනුව මෙම සංශෝධනයන් ගෙන එන බව සඳහන් කළේය. නීතියේ පාලනය ශක්තිමත් කරමින් ඉක්මනින් අපරාධ නඩු විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවද කීය.මෙහිදී පූර්ණ නඩු විභාගය යන ක්‍රමය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් මෙමගින් නඩුව ආරම්භ වූ පසු එක දිගටම සිදු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් වන බවත් පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවද කිය.
ආකල්පමය වෙනසක් ඇති කරමින් මේ රටේ අපරාධ නීතියේ වෙනසක් ඇති කිරීමට සියළු දෙනා සිය සහාය ලබා දෙන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.