අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත / අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් දෙවන වර කියැවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට මහේස්ත්‍රාත් උසාවි ප්‍රමාණය වැඩ කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනගහණය හා සසඳන කළ මෙරට විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පැවති රජයන් මේ සඳහා අවධානය නොකිරීමද මීට හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වසර 30කට වැඩි කාලයකට පසු රජය,මෙරට අධිකරණ වල විනිශ්චකාරවරුන් ප්‍රමාණය වැඩි කළ බවත් එමගින් අධිකරණ, මහාධිකරණ සහ සුප්ප්‍රිම් උසාවියන්හි වැඩකටයුතු තවදුරටත් කඩිනම් වනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
උසාවි විල නිතීක්ඥවරු සහ විනිශ්චකාරවරු වැඩි වශයෙන් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන බවද කී අමාත්‍යවරයා එය වෙනස් විය යුතු බවද පෙන්වා දුන්නේය. අධිකරණ සේවා කොමිෂ්න සභාවද තවදුරටත් ශක්තිමත් විය යුතු බවද පෙන්වා දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙම රජයට ප්‍රශංසාව හිමි විය යුතු බවද අමාත්‍යවරයා කීය.කුඩා දරු දැරියන් අපචාරයට ලක්කරන චෝදනා සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ වාසුදේව අමාත්‍යවරයා පැවසුවේ, ළමා අපචාර නඩු සඳහා මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමටත් තවත් මාසයක් ඇතුළත උසාවියට ගෙන්වා නඩු අසා අවසන් කරන්නේ නම් වඩාත් සුදුසු බවට තමා යෝජනා කරන බවයි ළමා අපචාර සම්බන්ධයෙන් වින්දිතයන්ට දරා ගැනීමට නොහැකි බවත් ඔවුන්ට යුක්තිය ඉටු වන තුරු සමාජයේ ඉඩ නොලැබෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එම කාරණය සඳහා ද ප්‍රමුඛත්වයක් ලබා දෙන්නැයි තමා ඉල්ලා සිටින බවද කීය