පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රි ලංකාව ගැන IMF වාර්තාව පිළිබඳ, විවාදයක් ලබාදෙන්නේද යන්න පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ හැකියි - සභානායක, අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 10, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කරන ශ්‍රි ලංකාව පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නේද යන්න මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ හැකි බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    සභානායකවරයා ඊයේ 09 පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ, එවැනි විවාදයක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

    එ.ජා.ප. නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කළේය. ඔහු ඉල්ලා සිටියේ මේ මස තුන්වන සතියේ එම වාර්තාව නිකුත් කරන නිසා මාර්තු මස මුල් සතියේ විවාදය ලබා දෙන ලෙසය.

    මීළඟ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමේ හැකියාව පවතින බව සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya