සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා 10 දින පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟින් මසකට වරක් රාජ්‍ය ණය සේවා පිළිබඳ වාර්තාවක්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය.
මාසයකට වරක් එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට නම්, ඊට අවශ්‍ය වන ලෙස පාර්ලිමේන්තුවේ විධිවිධාන සකසා ගත යුතු බව සභානායකවරයා පැවසීය. විශේෂයෙන් විපක්ෂයට කල්තැබීමේ විවාද ආණ්ඩුව විසින් ලබාදෙන අතර එහිදී මෙවැනි කරුණු සාකච්ඡා කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.