පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ (කෝපා) සභාපතිත්වයට මහාචාර්ය තිස්ස විතාරණ නැවත පත්කෙරේ

    පෙබරවාරි 11, 2022

     9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා තේරී පත්විය.

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී (10) රැස්වූ කාරක සභාවේදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ සදහා යෝජනාව ඉදිරිපත් කළ අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කළේය.

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) අනුව පසුගියදා තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා සාමාජිකයෝ පත් කරනු ලැබූහ. ඒඅනුව අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර , ලසන්ත අලගියවන්න, (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, ශෙහාන්
    සේමසිංහ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, කේ. කාදර් මස්තාන්, මොහමඩ් මුසම්මිල්, සිවඥානම් ශ්‍රීතරන්, හේෂා විතානගේ, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, බී. වයි. ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, (මහාචාර්ය) රංජිත් බණ්ඩාර සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහූ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

    මහජන වියදම් සදහා පාර්ලිමේන්තුව විසින් ප්‍රදානය කරනු ලබන මුදල් විසර්ජනය කිරීම පෙන්නුම් කරන ගිණුම්ද, රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් සුදුසු යැයි සලකනු ලැබිය හැකි පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන වෙනත් යම් ගිණුම්ද විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරීක්ෂා කරනු ලැබීම රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ කර්තව්‍ය වේ.

    කාරක සභාව රැස්වූ අවස්ථාවට සාමාජික මන්ත්‍රීවරයන් වන අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ශෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, , මොහමඩ් මුසම්මිල්, සිවඥානම් ශ්‍රීතරන්, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, බී. වයි. ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya