පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 (1) ප්‍රකාරව තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ලෙස ගරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා, ජානක වක්කුඹුර, එස්. වියාලේන්ද්‍රන්, තේනුක විදානගමගේ, ජීවන් තොන්ඩමන් යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්තියාස් බාකීර් මාකාර්, දිලිප් වෙදආරච්චි, මනූෂ නානායක්කාර, කේ. කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, සිවඥානම් ශ්‍රීතරන්, තුෂාර ඉඳුනිල් අමරසේන, මුජිබුර් රහුමාන්, රෝහිණි කුමාරි විජේරත්න, වරුණ ලියනගේ, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගීතා සමන්මලී කුමාරසිංහ, කුලසිංහම් තිලීපන්, නිපුණ රණවක, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් පසුගිය දා පත් කරන ලදි.
මේ අනුව මෙම කාරක සභාවේ සාමාජිකයින් ලෙස නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ කටයුතු කළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ් මහතා වෙනුවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා ද පත් කර තිබුණි.
විශේෂයෙන් මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම සිදු කළ හැකි ආකාරය පිළිබඳව ද මහජනතාව සමඟ ඍජුව සම්බන්ධ වන ආකාරය පිළිබඳව ද මෙහිදී කාරක සභාවේදී සාකච්ඡා විය. එසේම මහජන පෙත්සම් ඉක්මනින් විසදීම සඳහා මහජන පෙත්සම් කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන සතිවල දින දෙකක් හෝ තුනක් රැස්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.