පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට විදේශ රැකියා ලබා‌දීමේ වැඩපිළිවෙළක්

    පෙබරවාරි 11, 2022

    උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට , විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශය සමඟ එක් වී විදේශ රැකියා ලබා‌දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    රුසියාව ඇතුළු රටවල් කිහිපයක් සමග මේ සඳහා ගිවිසුම් අත්සන් කර ඇතැයිද දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙරට රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු ප්‍රමාණය 800ක‌ට වැඩි බවත් , අනෙකුත් ආයුර්වේද වෛද්‍යවරු රැසක් ද රැකියා විරහිතව සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හෝටල් සහ සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා විශාල ආයුර්වේද වෛද්‍යවරු පිරිසකට පෞද්ගලික අංශයේද රැකියා අහිමි වී ඇති බව පෙන්වා දුන්නේය. ඒ් අනුව ඉදිරියේදී සංචාරක හෝටල් හා ඒ් ආශ්‍රිතව දේශීය ආයුර්වේද ප්‍රතිකාර ඒ්කක සහ චිකිත්සක මධ්‍යස්ථාන පිහිටුවීම හරහා ප්‍රවර්ධනයක් ඇති කිරීමට කටයුතු කරන බවද කිය

    විදේශ රටවල ආයුර්වේද ප්‍රතිකාර ඒ්කක ආරම්භ කිරීම සහ දැනටමත් රැකියා පවතින විදේශ රට වලට උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු යැවීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය සමග ගිවිසුම් අත්සන් කිරීමටද පියවර ගෙන ඇතැයිද සිසිර ජයකොඩි අමාත්‍යවරයා සඳහන් කළේය.

    දේශීය වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේදය තවමත් ජාතික සෞඛ්‍ය සේවයේ අංගයක් බවට පත්ව නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කොවිඩ් වසංගතය සමයේ ලබා දුන් ආයුර්වේද ප්‍රතිකාරද ජාතික සෞඛ්‍ය සේවයට ඇතුළත් නොවූ බවත් ඉදිරියේදී මෙම ආයුර්වේදය සම්බන්ධ‌යෙන් නව නීති සංග්‍රහයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතුකරන බවද කීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya